වර්ෂ 2000 දී තිරගත වූ හුදෙක් ප්‍රේමණීය ජවනිකා රැගත් ඉතාලි චිත්‍රපටයකි. එය ලුසියානෝ වින්සෙන්සෝනිගේ ප්‍රබන්ධයකින් ගුසෙප් ටොර්නාටෝර් විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද්දකි. මොනිකා බෙලුචි සහ ගුසෙප් සල්ෆාරෝ මෙහි ප්‍රධාන භූමිකාවට පණ පොවති. මෙම චිත්‍රපටය 2001 වසරේ කබර්ග් චිත්‍රපට උළෙලේදී ග්‍රෑන්ඩ් ප්‍රී සම්මානය දිනා ගත්තේය. 73 වෙනි ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම කැමරාකරණය හා හොඳම මුල් සංගීතය සඳහා නිර්දේශ කරන ලදී.
‘මලීනා‘ චිත්‍රපටය විචාරකයින් 78 දෙනෙකුගේ සමාලෝචන මත පදනම්ව 54% ක අනුමත ශ්‍රේණිගත කිරීමක් ලබා ඇති අතර, සාමාන්‍ය ශ්‍රේණිගත කිරීම 5.6/10 කි.
ගුසෙප් ටොර්නාටෝර්ගේ මලීනා යනු දෙවන ලෝක යුද්ධයේ සිසිලියේ කුඩා නගරයක 13 හැවිරිදි පිරිමි ළමයෙකුගේ උමතුව විස්තර කරන අලංකාර ලෙස නිර්මාණය කරන ලද නමුත් සුළු කාල පරිච්ඡේදයක දිවෙන කෙටි විත්‍රපටයකි. එය ප්‍රේමය, ද්වේෂය, කෲරත්වය මෙන්ම අහිමි ආදරය සෝ තැවුල් සංකලනය වූවකි. එමෙන්ම එය සරල කතාවකි.
චිත්‍රපටය ආරම්භයේදී මලීනා කෙරෙහි රෙනාටෝගේ සිත කාමුක ආශාවන්ගෙන් පිරී ඇති බවක් පෙන්නුම් කළද අවසානයේ එය මේ ලෝකයේ සියලුම දේට වඩා බලවත් ආදරයක් බවට පෙරළෙයි. ඔහු කිසිවිටකත් ඇය සමඟ දොඩමළු වීමට තරම්වත් උත්සාහයක් නොදක්වයි. එනමුදු ඔහු ඇය පසුපස හඹා යයි. අවසන ඇය ඔහුගේ තුරුණු වියේ ජීවිතයේ වැදගත්ම කොටසක් බවට පත්වේ. එහි රාගය පමණක් නොව ඇය කෙරෙහි ගෞරවයක්ද ඇති කරයි.
ඉතාලිය දෙවන ලෝක යුද්ධයට පත් වූ කාලයක සිසිලියේ කුඩා නගරයක යොවුන් වියේ පසුවන රෙනෙටෝ නම් කුඩා පිරිමි ළමයෙකු මලීනා නම් විවාහක කාන්තාවක් කෙරෙහි ඔහුට ඇති උමතුව හරහා මුහුණ දුන් සිදුවීමක් අලළා මේ චිත්‍රපටය දිග හැරේ.
ඉතාලියේ මුහුදු වෙරළේ ගම්මානයක ජීවිත නිරූපණය කරමින් ප්‍රබන්ධ මෙය එහි පරිසරය හා ස්වාභාවධර්මය මනා ලෙස පෙළ ගස්වා ඇති සැටි ‘දිලෙන හිරු එළිය සහ සුදු වැලි තලාව සහ නිල් රළ සහිත මනරම් වෙරළ තීරය ‘ විස්තර කර ඇති ආකාරයෙන් පැහැදිලි වෙයි.
මෙහි මලීනා යනු තම සැමියා හමුදා සේවයේ දී අතුරුදන් වූ සමාජයේ අනේකවිධ තාඩන පීඩනවලින් හෙම්බත් වී අවසන තනිකමේ වියෝගයෙන් බැට කන රූමත් කාන්තාවකි. ‘මලීනා‘ මිනිස් මනසෙහි අද්භූත කෲරත්වය සහ විනාශකාරී බව පෙන්නුම් කරයි.
මලීනා භූමිකාවේ යෙදෙන ‘මොනිකා බෙලුවි‘ මෙහි අති විශිෂට වූ රංගනයක නියැළෙයි.
අතිශය සුන්දර මෙම චිත්‍රපටය ඔබ පළමු වරට නැරඹුවහොත් ගුසෙප් ටොර්නාටෝර් නම් සිනමාපට අධ්‍යක්ෂක වරයාගේ අපූර්වත්වය හා මලීනා ලෙස රංගනයේ යෙදෙන මොනිකා බෙලුවිගේ ඒ අද්විතීය රංගනය කෙතරම් සුන්දරදැයි, කෙතරම් පුදුමසහගත දැයි පසක් වෙනු නොඅනුමානය.
ගුසෙප් ටොර්නාටෝර් 1990 දී නිකුත් කළ ප්‍රමුඛ චිත්‍රපටයක් වන ‘සිනමා පැරඩිසෝ‘ හි අධ්‍යක්ෂවරයායි. ඔහු 1956 දී ඉතාලියේ සිසිලියේ උපත ලැබීය. ඔහුගේ ආදර්ශවත් චිත්‍රපටය වන ‘සිනමා පැරඩිසෝ‘ ඉතා සුන්දර, වූ දිග හැරුමකි.
මෙහි විශිෂ්ට කැමරාකරණය, මොනිකා බෙලුවිගේ විශිෂ්ට රංගනය සහ රෙනාටෝ ලෙස රඟපාන කුඩා පිරිමි ළමයා ඒ සමඟම ඔස්කාර් සම්මානය සඳහා නාමයෝජනා ලද මාස්ටර් එන්නියෝ මොරිකෝන්ගේ විස්මිත සංගීතය මෙම චිත්‍රපටය නැරඹූ ඕනෑම කෙනෙකුගේ නිරපේක්ෂ ප්‍රියතමය බවට පත්ව ඇති අතර මොනිකා බෙලුවි ප්‍රේක්ෂකයින්ගේ උමතුව බවට පත්ව ඇත.
නිරහංකාර ගැමි ජීවිතය ඉතා සියුම් කල්පනාකාරීව පෙන්වූ ටොර්නාටෝර් කාලය ගෙවීගෙන යන විට සමාජයෙන් අතරුදන් වෙන දේවල් සඳහා ඇතිවන ආශාවක් ඔහු මනා විචිත්‍රවත් ලෙස ග්‍රහණය කරගෙන ඇත. මලීනා හි ප්‍රධාන චරිතය වන කාන්තාවක්, නිරූපණය කළේ ඉතාලියේම උපන් ප්‍රසිද්ධ මොනිකා බෙලුවි විසිනි. මෙම චිත්‍රපටය 2001 වර්ෂයේ බර්ලින් ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේ තරගකාරී අංශයට තෝරා ගන්නා ලදී.
වර්ෂ 2000 ඔක්තෝම්බර් 27 වන දින නිකුත් කරන ලදුව ඉතාලි, ලතින්, ඉංග්‍රීසි, ජර්මානු,පුරාණ ග්‍රීක භාෂාවලින්ද තිරගත වූ ‘මලීනා‘ ඩොලර් මිලියන 14.4 බොක්ස් ඔෆිස් වාර්තා තැබීමට සමත් විය.
එන්නියෝ මොරිකෝන්ගේ විශිෂ්ටතම පසුබිම් සංගීතය ප්‍රේක්ෂකයා මලීනා හා රෙනාටෝගේ ලෝකයට ගෙන යයි. ඔහු ඇයට කොතරම් උමතු වුවද රෙනාටෝ සහ මලීනා පළමු වරට කතා කරනුයේ චිත්‍රපටයේ එකම එක අවසාන දර්ශනයක පමණි. එතැන මලීනාගේ මුහුණේ සිනහවක් ඇත. ඒ චිත්‍රපටයේ ලස්සනම මොහොතක් පමණි. ඒ ළයාන්විත මන්දස්මිතය සෑම නරඹන්නෙකුගේම හදවත ස්පර්ශ කරයි. අවසන චිත්‍රපටය රෙනාටෝගේ අහිමි වූ ආදරය පිළිබඳව කතාවක් බවට පෙරළෙයි. ඔවුන්ගේ වෙන්වීම ප්‍රේක්ෂක හදවත් කම්පා කරවයි. එන්නියෝ මොරිකෝගේ සංගීතය, ඒ හැඟීම වඩාත් තීව්‍ර කරයි.















