නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දියානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවා ඇති බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසනවා.
ඒ සඳහා මාස 04ක කාලයක් ලබාදෙන බවයි නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සඳහන් කර සිටියේ.
මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව විසින් මෙරටට ප්‍රදානයක් ලෙස රුපියල් බිලියන 10.4 ක් ලබාදී ඇති බවද ඔහු සඳහන් කර සිටියා.
ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.















