කොළොන්නාව නගර සභාවට සමගි ජන බලවේගයෙන් වැඩිම මනාපයෙන් තේරී පත්වූ සුසිල් කුමාර කොස්තාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.
පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට අනුව කොළොන්නාව නගර සභාවේ සභාපති හා උප සභාපති පත්කිරීමේදී කටයුතු නොකිරීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙන බවයි සමගි ජන බලවේගය සඳහන් කරන්නේ.
අද (18) පෙරවරුවේ පැවති කොළොන්නාව නගර සභාවේ නගරාධිපති ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාට ඡන්දය භාවිතා කිරීමට ඔහු කටයුතු කර තිබුණා.















