පොසොන් සමයේ විවිධ වැරදි කළ වෙළෙඳුන් 105 දෙනෙකුට නීතිමය පියවර ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබෙනවා.
ඒ අනුව කල් ඉකුත් වූ ආහාර ඇතුළු භාණ්ඩ අලෙවි කිරීම, භාණ්ඩයේ සඳහන් කර ඇති මිලට වඩා අධික මිලට භාණ්ඩ අලෙවි කිරීම, තොරතුරු නොමැති පූජා භාණ්ඩ අලෙවි කිරීම, ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූල නොවන විදුලි උපකරණ අලෙවි කිරීම, කල් ඉකුත් වූ සහ නව භාණ්ඩ එකට ගබඩා කිරීම සහ මිල ප්‍රදර්ශනය නොකිරීම යන වැරදි මෙහිදී වැඩි වශයෙන් අනාවරණය වී ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.
මෙම වැටලීම් අනුරාධපුර නගරය, පූජා නගරය, මිහින්තලය, තිසා වැව ඇතුළු ප්‍රදේශ රැසක් ආවරණය කරමින් සිදු කර තිබෙනවා.
වැටලීම්වලට සමගාමීව වෙළඳුන් දැනුවත් කිරීම සඳහා ද විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙන අතර, එහිදී ඇතැම් වෙළඳුන්ට අවවාද සිදු කිරීම් ද සිදුකර, අනෙකුත් පිරිස් සඳහා නීතිමය පියවර ගැනීමට තීරණය කර තිබෙනවා.















