සමගි ජන බලවේගයේ පක්ෂ අභ්‍යන්තරයේ සිට යම් යම් ප්‍රතිසංවිධාන කටයුතු සිදු කිරීම අත්‍යවශ්‍ය බව එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.
ඒ අනුව පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ සිට නැවත සලකා බැලිය යුතු බවත්, සමහරුන් එම තනතුරුවල සිටින්නේ කැමැත්තෙන් නොවන අතර, ඇතැම් අයගේ අඩුපාඩු ඇති බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.
එසේම පක්ෂයේ ඉහළ මට්ටමේ අයගේ වෙනස්කම් සම්බන්ධයෙන් ද ජනතාව අදහස් ඉදිරිපත් කරන බවද, ඒවා සම්බන්ධයෙන්ද සැලකිලිමත් වී පක්ෂයේ යම් යම් තනතුරුවලට අලුත් මුහුණුවරක් ලබාදීමට හැකියාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.















